ප්‍රමුඛ පුවත 1

අකුරස්සේදී ඇල්ලු යෝධ කිඹුලා හම්බන්තොට රක්ෂිතයකට මුදා හැරේ

(උදයම්,මාතර )   – මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තේ වත්තක සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලාගැනීමට ගම්වාසීන් පසුගියදා සමත් වුණි.

අඩි 15කට වඩා වැඩි දිගකින් යුතු මෙම කිඹුලා තිබ්බොටුවාව ප්‍රදේශයේ තේ වත්තක සිටියදී සොයා ගැනුනි.

තේ දළු නෙලමින් සිටි කාන්තාවක් මෙම කිඹුලා දැක කෑ ගසා ඒ පිළිබඳව අවට සිටි පිරිස් දැනුම් දී තිබේ.

එහිදී ගම්වාසින් විසින් කිඹුලා අල්ලාගෙන මුන්දලම වනජීවී කාර්යාල නිලධාරින් වෙත බාර දෙනු ලැබීය.

ඒ අනුව මෙම කිඹුලා හම්බන්තොට ප්‍රදේශයේ රක්ෂිතයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

 

 

Related posts

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

Mohamed Dilsad

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment