ප්‍රමුඛ පුවත 1

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

(උදයම්,කොළඹ)  – කටාර් රියාල් භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියේ කටාර් රියාල් භාර නොගන්නා ලෙස මහබැංකුව අනෙකුත් බැංකු වෙත දැනුම් දී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවය.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි බැංකු කිහිපයක් විසින් කටාර් රියාල් මාරු කිරීම නැවත ආරම්භ කර ඇති බව වාර්තාවේ.

අද උදෑසන සිට කටුනායක ගුවන්තොටුපොළේ බැංකු විසින් කටාර් රියාල් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

නමුත් මේ වනවිට සීමිත මුදල් ප්‍රමාණයක් මෙලෙස හුවමාරු කරගැනීමට හැකි බව වාර්තා වේ.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ උපරිම මුදල රියාල් 1000ක් දක්වා මෙලෙස හුවමාරු කළ හැකි බවය.

.

Related posts

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්

Mohamed Dilsad

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

Mohamed Dilsad

Leave a Comment