Trending News

කටාර් අර්බුදයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ- විදේශ ඇමති

(උදයම්,කොළඹ)   –  කටාර් අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

 අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ කටාර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් රැකියාවල නිරත වන බවය.

නමුත් මෙමගින් රටට හෝ ශ්‍රී ලාංකිකයෙකුට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

දැනට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් 6ක් කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තීරණය කර තිබේ.

ඊයේ කටාර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබදතා අත්හැරීම පිළිබදව කණගාටුව පළ කරන බවය.

තම පුරවැසියන් ඇතුළු රටේ සියලු පුද්ගලයන්ගේ සාමාන්‍ය ජන ජීවිතය වෙනසකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි කටාර් විදේශ අමාත්‍යාංශය සදහන් කර තිබේ.

Related posts

உள்ளுராட்சி தேர்தல் வர்த்தமானிக்கு எதிரான மனு தொடர்பில் பைசர் முஸ்தபா கருத்து

Mohamed Dilsad

கொழும்பு – லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

China says 32 nationals dead in major North Korean bus crash

Mohamed Dilsad

Leave a Comment