ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට

(උදයම්, කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (04), අත්අඩංගුවට ගෙන ඇත. උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් එම වැටලීම සිදු කොට ඇත. මෙම පුද්ගලයා තලෙයිමන්නාරම, තාල්වුපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද මෙම සැකකරු, මීට ඉහතදි මොහු අනුරාධපුර බන්ධනාගාර ගත කර සිටි අයෙකු බවත්, පසුගිය මැයි මස 6 වන දින මොහු බන්ධනාගාරයෙන් පළාවිත් සැඟව සිට ඇති බවත්, වැඩි දුර විමර්ශන වලදී තොරතුරු අනාවරණය විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක වන බුද්ධි තොරතුරු ජාලය නිසා නීති විරෝධී සංක්‍රමණයන් සිදු කිරීමට දරණ උත්සහයන් මෙසේ ව්‍යාර්ථ කිරීමට හැකියාව ලැබී ඇත.

සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක මෙම කාලයේ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම වෙනත් රට වලට යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ට හසු වී ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.

Related posts

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mohamed Dilsad

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment