ප්‍රමුඛ පුවත 1

ලහිරු වීරසේකර ඇතුළු හය දෙනෙකුට ඇප

(උදයම්,කොළඹ)  –   අධිකරණ නියෝග නොතකා අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු හය දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

නීතීඥවරයෙකු මඟින් අද (31) අධිකරණයට බාරවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම ඇප නියම කර තිබේ.

ඒ අනුව   රුපියල් 2500 බැගින් වු මුදල් ඇප මත ඔවුන් මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නැවත අධිකරණය මගහැර සිටීමක් සිදුවුවහොත් ඇප  ලබානොදෙන බවට ද අවවාද කර ඇත.

2015 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවකදී රුපියල් දෙලක්ෂ 84,000ක අලාභයක් එම කොමිෂන් සභාවට සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව කුරුදුවත්ත පොලීසිය මගින් අධිකරණයේ නඩු පවරා ඇති බව සඳහන්වේ.

Related posts

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සදහා සියලු කටයුතු සූදානම්

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment