ප්‍රමුඛ පුවත 1

කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපානයෙන් උපකරණ

(උදයම්,කොළඹ)   –  කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරැදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල කන්දේ සවිකොට තිබූ ඩොප්ලර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍රය නිපදව ඇති ඇමෙරිකානු සමගම වෙත නැව් මඟින් යවා ඇති බැව් අමාත්‍යවරයා පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

සුළි සුළං, ගංවතුර, ආදී ආපදාවන් ඉදිරි කාලයේ විටින් විට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ සපයා එය තාක්ෂණික අතින් වඩාත් දියුණු කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

ආපද කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝට්ටු ලබා දී තිබේ. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් බෝට්ටු 100ක් එම ප්‍රදේශවලට ලබා දීමට පියඣ්වරගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

ව්‍යාජ වෙබ් අඩවි තම නමින් ප්‍රචාරය ක‍රන සියලු දෑ ප්‍රතික්ෂේප කරනවා – අගරදගුරුතුමා [VIDEO]

Mohamed Dilsad

බොරැල්ලේ අනතුරට සම්බන්ධ පස්දෙනෙකු අත්අඩංගුවට.මන්ත්‍රී මහින්දානන්දගේ පුතාද ඒ අතර

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment