Trending News

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

(උදයම්,කොළඹ)  – නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා අද දිවුරුම් දෙනු ලැබුවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ඊට අමතරව ඉරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය ඇමති

පාලිත රංගේබණ්ඩාර – වාරි මාර්ග රාජ්‍ය ඇමති,වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය ඇමති ,ලක්ෂ්මන් යාපා අබේවර්ධන – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය,හර්ෂ ද සිල්වා – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ,කරූ පරණවිතාන – නිපුනතා සංවර්ධන සහ වෘතීය පුහුණු නියෝජ්‍ය ඇමති ,රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්හ.

Related posts

ஹட்டன் – கொழும்பு பிரதான வீதியில் நிலம் தாழிறக்கம்

Mohamed Dilsad

DFCC வங்கி தமது கடனட்டைகளை சிறப்பு நிகழ்வொன்றுடன் மீள் அறிமுகம்

Mohamed Dilsad

வடமாகாண மருந்தகங்களில் மருந்தகர்கள் கட்டாயம் கடமைபுரிய வேண்டும்

Mohamed Dilsad

Leave a Comment