Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ගුවන් යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදුව ඇත.

නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28) බරමතිහි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත්ව තිබූ බව වාර්තා වෙයි.

ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට යොමු කර ඇති බව සඳහන් වේ.

Related posts

இலங்கை – ஜோர்ஜியா நட்புறவை மேம்படுத்துவது தொடர்பில் இருநாட்டு அரச தலைவர்களும் கவனம்

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

லோட்டஸ் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment