Trending Newsඑසැන පුවත්දේශීය

ඉතිහාසයේ ප්‍රථමවරට, නත්තල් දිනයේ, සිරකරුවන්ට ජනාධිපති සමාව නැහැ…!

නත්තල් දිනය වෙනුවෙන්, ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම මීට පෙර සෑම වසරකම සිදුවූද, ඉතිහාසයේ පළමුවරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කර නැත.

නිදහස් කළ යුතු රැඳවුවන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවත්, ඉදිරියේදී ⁣ජනාධිපති සමාව යටතේ සිරකරුවන් මුදාහැරීම ට බලාපො⁣රොත්තු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවුවන් නිදහස් කිරීම සිදු කරනු ඇති බව සඳහන්.

කෙසේ නමුත්, පසුගිය මැයි මාසයේ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ දී , එවකට බන්ධනාගාර කොමසාරිස්ගේගේ සහ එවකට බන්ධනාගාර අධිකාරිවරයෙක්ව සිටි නිලධාරීයෙක්ගේ වැඩතහනම් කළ අතර, ඔවුන් දෙදෙනාටද බන්ධනාගාර ගතවීමට සිදුවිය..

Related posts

மடுல்ல பிரதேச சபை மற்றும் வெங்கள செட்டிக்குளம் பிரதேச சபைக்கான முடிவுகள்

Mohamed Dilsad

ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

நூற்றுக்கணக்கான உயிர்களை காவு கொண்ட புழுதிப்புயல்

Mohamed Dilsad

Leave a Comment