Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට | මිහින්තලා පුදබිමේ මල් ආසනයක් කඩා දමලා

මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය වන්දනාමාන කර ගැනීම සඳහා පැමිණෙන දහස් ගණනේ බැතිමතුන් තමන්ගේ පුදපූජා සඳහා පළතුරු වට්ටි සැකසීමට භාවිත කළ ආසනය කඩා බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයකු සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

මිහින්තලා පුදබිමේ පිහිටි කටු සෑය අසළ ඇති මෙම විශේෂිත ආසනය යමකු විසින් කඩා බිඳ දමා විනාශ කර ඇති බව මිහින්තලා රජමහ විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් සිද්ධිය දැනගත් විගස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති චන්ද්‍රසිරි රංජිත්ගේ නිල ජංගම දුරකථනයට අවස්ථා ගණනාවක් අමතා ඇතත් පොලිස් ස්ථානාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

පසුව මිහින්තලා රජමහ විහාරාධිපති නාහිමියන් ස්ථාවර දුරකථන ඇමතුමකින් මිහින්තලේ පොළිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගෙන මෙම සිද්ධිය දැනුම් දී තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා මිහින්තලා නාහිමියන් වෙත දන්වා ඇත්තේ තමා පමණක් පොලිසියේ සිටින බැවින් අදාළ සිද්ධිය වූ ස්ථානයට යැවීමට කිසිදු පොලිස් නිලධාරියකු නොමැති බවයි.

පසුව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල ජංගම දුරකථනයට අමතා ඇති මිහින්තලා විහාරාධිපති නාහිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබේ. මෙම අවස්ථාවේදීම මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන් පොලිස්පතිවරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සිටින අතරතුර, උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමුහ දුරකථන සංවාදයකට සම්බන්ධ කර ඇති පොලිස්පතිවරයා වහාම මිහින්තල රජමහ විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මතමිහින්තලේ පොලිසිය මඟින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළා පාලන මැතිවරණයට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ නාමල් වැව කොට්ඨාසයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කළ අවිෂ්ක ඉමේෂ් සේනාධිර සහ තවත් සැකකරුවකු වන ඩබ්ලිව්. ඩී. සුමේධ ලක්ෂිත යන සැකකරුවන්ය. ඔවුන් මිහින්තලය කඳුවටාපාර සහ කුමාරසිගම පදිංචිකරුවන්ය.

අනුරාධපුර – උපාලි ආනන්ද

Related posts

நாடு திரும்பினார் ஜனாதிபதி

Mohamed Dilsad

Trump impeachment: Officer Alexander Vindman raised alarm over Ukraine call

Mohamed Dilsad

DMC warns of possible inclement weather

Mohamed Dilsad

Leave a Comment