Trending Newsඑසැන පුවත්දේශීය

නායයෑමෙන් කුඹුරු ඉඩම්වල ගොඩගැසී ඇති පස් ඉවත් කිරීම ගැන දැනුම් දීමක්

ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත් කුඹුරුවල ගොඩ ගැසී ඇති වැඩි හා වැලි මිශ්‍ර පස් සේ කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන ඉල්ලීම සැලකිල්ලට ගෙන ගැටලුව කඩිනමින් විසඳා ගැනීමේ අරමුණින් ලංකා මහවැලි අධිකාරියට අයත් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වවුනියාව,මුලතිව්,අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ට අදාළව මහවැලි C  BD H  හුරුල් වැව, රඹකැන් ඔය හා  L යන කලාපයන් තුළ පිහිටා ඇති කුඹුරු ඉඩම් වල න් තැන්පත් වී ඇති වැඩි හා වැලි මිශ්‍ර පස් කුඹුරු ඉඩමින් ඉවත් කර නැවත වගා කන්නය ආරම්භ කිරීම සඳහා අවශ්‍යව ඇති පසුබිම තුළ ඒ   සඳහා උක්ත ද්‍රව්‍ය ඉවත් කිරීම වගා ඉඩමේ හෝ ඉඩමේ හිමිකරුගේ ගොඩ ඉඩම වෙත හෝ අනුමැතිය ලත් වෙනත් භූමියකට සැහැල්ලු ප්‍රවාහන මාධ්‍යයක් ඔස්සේ ප්‍රවාහනය කොට අවශ්‍ය කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම සඳහා වන අවසරය  මහවැලි අධිකාරය වෙත මේ වන විට ලබා දී ඇත.

මහවැලි අධිකාරියට අයත් නොවන සෙසු වගා බිම්තුළ එකතුව ඇති වැලි හා වැලි මිශ්‍ර පස්  ඉවත් කොට එම වගා බිම් නැවත වගා කිරීම සඳහා සකසා ගැනීමට හා වගා භූමියේම කොටසක ඉවත් කරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා අනුමැතිය ලබාදීමට  කාර්්‍යංශයේ  කැණීම් ඉංජිනේරුවන් හට උපදෙස් ලබාදී ඇත.

ඉදිරියේදී උක්ත කාරණයන්ට අදාළව වැලි හා වැලි මිශ්‍ර පස් ගබඩා කරනු ලබන ස්ථානවල සිට වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අදාල  වන නිසි  අවසරයන්  කාර්යාංශය මගින් ලබාගත යුතුයි .

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් නිකුත් කළ  නිවේදනය පහතින්

Related posts

Sri Lanka to re-impose night curfew

Mohamed Dilsad

சிறப்புப் பூஜைக்காக சபரிமலை ஐயப்பன் ஆலயம் திறப்பு

Mohamed Dilsad

அரசாங்கம் உண்மை நிலைமையை அம்பலப்படுத்தியது

Mohamed Dilsad

Leave a Comment