Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ 11 දෙනෙක් ජීවිතක්ෂයට

පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (26) දිනයේ දී ද, දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය. .

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Related posts

Mel Gunasekera murder convict gets capital punishment

Mohamed Dilsad

நுவரெலியா – தலாவாக்கலை பிரதான வீதியின் போக்குவரத்து தொடர்ந்தும் பாதிப்பு

Mohamed Dilsad

முடிவை மாற்றினார் நாமல் குமார?

Mohamed Dilsad

Leave a Comment