විදෙස්

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගැන පෙර තිබු විශ්වාසය නෑ.ඇන්ජලා මර්කල් කියයි

(උදයම්,ජර්මනිය)   –  තවදුරටත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය මත සම්පූර්ණයෙන් විශ්වාසය තබා යුරෝපයට කටයුතු කළ නොහැකි බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඉතාලියේ පැවති ජී.7 සමුළුවට එක්වෙමින්.

ඇමරිකානු ජනාධිපතිවරණය සහ යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යයයේ පැවති ජනමත විචාරණයෙන් පසු මෙම තත්ත්වය උදාවී ඇති බව ඇය පෙන්වා දෙයි.

ඒ අනුව, තමන්ට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය යන දෙරටවල් සමග මෙන්ම රුසියාව සමගත් මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නමුත් ”යුරෝපයට තම ඉරණම වෙනුවෙන් සටන් කිරීමට කාලය එළඹ ඇති බව” ඇය සඳහන් කර තිබේ.

එම සමුළුවේ දී කාලගුණික විපර්යාස පිළිබඳව ඇති කර ගත් සම්මුතිය පිළිගැනීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඇන්ජලා මර්කල් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

දිල්ලි අගනුවරදී තුන් හැවිරිදි දැරියක් දූෂණයට.

Mohamed Dilsad

ආදායම් උපයන නව සැලසුම් අප සතුයි – ශම්මි සිල්වා

Mohamed Dilsad

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment