ප්‍රමුඛ පුවත 1

නිල්වලා ගඟේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න

(උදයම්,කොළඹ)   –  නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කිඹුලන්ගෙන් අනතුරු විය හැකි නිසා අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමේ අවධානමක් ඇත. මේ හේතුවෙන් පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන් හා වාද්දුව සහ මොරන්තුඩුව ආශ්‍රිත ජීවත්වන වැසියන් අවධානයෙන් සිටිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාතර පිටබැද්දර ආදී ආපදාවට පත් ප්‍රදේශවල මේ වනවිට ඉන්ධන හිගයක් පවතී. කඩ සාප්පු වසා තැබීම හේතුවෙන් ගංවතුරට හසුනොවූ පවුල් සඳහා ද ආහාර පාන සපයාගැනීමේ ගැටලුවක් උත්ගතවී ඇත.

කුකුලේ ගඟ බලාගාරයේ කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බව ඉංජිනේරුවන් විසින් සහතික කර ඇත.

Related posts

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය හෙට කළුතරදී

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

Mohamed Dilsad

Leave a Comment