Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ ඉංජිනේරු හිඟය උග්‍රවෙයි : 1520 අවශ්‍ය වුණත් ඉන්නේ 670යි

දැනට පවතින ඉංජිනේරුවන්ගේ දැඩි හිඟය හේතුවෙන් දිවයිනේ මහා පරිමාණ ඉදිකිරීම් සහ සම්පූර්ණ කරන ලද ජලාශ පද්ධතිවල නඩත්තු කටයුතු පාලනයෙන් ගිලිහී බරපතල අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එල්.එස්. සූරිය බණ්ඩාර මහතා අවධාරණය කරයි.

සූරිය බණ්ඩාර මහතා කියා සිටියේ, රාජ්‍ය සේවයේ අනුමත ඉංජිනේරු සංඛ්‍යාව 1520ක් වුවත්, දැනට 670ක විශාල හිඟයක් පවතින බවයි.

මෙම අර්බුදය තවත් උග්‍ර කරමින්, දිගු කාලීන අත්දැකීම් සහිත ඉංජිනේරුවන් මෙන්ම විශ්වවිද්‍යාලවලින් අලුතින් පිටවන උපාධිධාරීන් අතරද විදේශගතවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් තිබීම රටට බරපතල තත්ත්වයකි.

ඉංජිනේරුවන් 300ක් බඳවා ගැනීමට මුලදී කටයුතු සූදානම් කර තිබුණද, එම බඳවා ගැනීම් තවමත් සිදු වී නැත.

මේ තත්ත්වය දිගටම පැවතුනහොත්, 2030 වසර වන විට මෙරට ඉංජිනේරු හිඟය ජාතියටම දැඩි ලෙස බලපාන බවට ඔහු අනතුරු අඟවයි.

Related posts

Russel Arnold named Director of Lankan Premier League

Mohamed Dilsad

Met. Dept. forecasts rain after 2.00 PM

Mohamed Dilsad

O/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේ

Mohamed Dilsad

Leave a Comment