Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ දේශීය සංචාර ⁣තොරතුරු ඉල්ලීමට තොරතුරු ලබාදීම ප්‍රතික්කේෂ්ප කරයි….

තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශීය සංචාර පිළිබඳ තොරතුරු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කර ඇත. අදාළ තොරතුරු ඉල්ලීම 2025 අගෝස්තු 4 වැනි දින ඉදිරිපත් කර ඇත.

අගෝස්තු 27 දිනැති ප්‍රතිචාරයේ ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඉල්ලා සිටින තොරතුරු ජනාධිපතිවරයා පිළිබඳ ආරක්ෂක සංවේදී තොරතුරුවලට සෘජුවම අදාළ වන බැවින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5 (1) (ආ) (i) වගන්තිය යටතේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ජිනාත් ප්‍රේමරත්න වෙත යොමුකරන ලද අදාළ ලිපියේ, පනතේ 31 (1) වගන්තිය යටතේ දින 14ක් ඇතුළත අභියාචනයක් ගොනුකළ හැකි බව තවදුරටත් සඳහන් කර ඇත.

එවැනි අභියාචනා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් වෙත යොමුකළ යුතුය

Related posts

King Abdulaziz International Airport adopts operation plan for Hajj season

Mohamed Dilsad

News Hour | 06.30 am | 20.11.2017

Mohamed Dilsad

අදත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment