Trending Newsඑසැන පුවත්දේශීය

ආර්ථිකයට ඇති අවධානම ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති නිසා ඉදිරියේදී යළිත් රටම විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රශ්නය – ඔබතුමාව අත් අඩංගුවට ගන්න යනවා කියලා පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා පළවුණා ?

“මට එතන හිටපු මගේ නීතීඥවරුන් නම් වාර්තා කළේ මගෙන් වාර්තාවක් අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා. මම දන්නෙ නෑ කොහොමද කියලා, මමත් බලාගන්න ඕනෙ මම ඒ අධිකරණ වාර්තාව ඉල්ලුවා.

ප්‍රශ්නය – දැන් මතුගම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළා සමගි ජන බලවේගය. ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල මොන විදියටද වෙන්නෙ ?

“මහ ආණ්ඩුවේ සංවර්ධනයවත් තවම පෙනෙන්න නැතිව කොහොමද මේ පුංචි ආණ්ඩුවල සංවර්ධනයක් ගැන කතා කරන්නෙ ? ඔක්කොටම ඉස්සෙල්ලා පළාත් පාලන මැතිවරණයේදී රජය ලක්ෂ 23කින් පසුබෑවා. ඒක තමා පරාජය. මහජන මතයෙන් පැරදිලා ඉවරයි. ඔය තියෙන සභාවල කවුරු බලයට පත්වෙනවාද, කවුරු එහාට මෙහාට වෙනවද දාම් බෝඩ් එකේ ඉත්තෝ වගේ කියන එක වැඩක් නෑ. මේ රට බේරාගන්න පුළුවන් ආර්ථිකයෙන් විතරයි. වෙන මොනවා කළත් වැඩක් නෑ මේ රටේ. සංවර්ධනයවත්, දූෂණ විරෝධයවත් … – ඒවා කරන්න ඕනෙ දූෂණය සීමා කරන්න ඕනෙ. නමුත් රටේ පැවැත්ම තීන්දු කරන්නෙ ආර්ථිකය. ඒ ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද කියලා දැන් ඕනෙ මිනිහෙකුට තේරෙනවානෙ මේ රජයට. ඒක පිළිබඳව ඒගොල්ලන්ට කිසිම වැඩපිළිවෙලක් නෑ. එතකොට කිසිම වැඩපිළිවෙලක් නැති නිසා මේ ආර්ථික අර්බුදය ඉතාමත්ම අමාරු තැනකට අගෝස්තු මාසය අවසන් වෙද්දී මේක ආරම්භ වෙනවා. ඊටපස්සෙ අවුරුද්ද අවසන් වෙනකොට හුඟක් තීව්‍ර වෙලා, එන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට ඉතාම විශාල අර්බුදයකට රටම ගමන් කරනවා. ඒ නිසා රජයේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා සාධාරණ වැඩපිළිවෙලකට පැමිණීම. රටක් බංකොලොත් වෙනවායි කියන එකෙන් ගොඩගන්න බෑ ලේසියෙන්. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකහමාරකින් ගොඩගත්තු එක මේ මිනිස්සුන්ට වටිනාකමක් නැතිවුණා”

Related posts

69th Independence Day celebrations; Special traffic plan in Galle Face today

Mohamed Dilsad

பெரிய வெங்காயத்தின் மொத்த விற்பனை விலை அதிகரிப்பு

Mohamed Dilsad

Rail bus service to be popularized

Mohamed Dilsad

Leave a Comment