Trending Newsඑසැන පුවත්දේශීය

මැදපෙරදිග තත්ත්වය ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්

මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ. මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එහි දැක්වේ වේ.

එම තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බව එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

Related posts

Island-wide curfew lifted

Mohamed Dilsad

இன்று கடமைகளைப் பொறுப்பேற்கிறார் கோட்டாபய ராஜபக்ஷ

Mohamed Dilsad

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

Mohamed Dilsad

Leave a Comment