ප්‍රමුඛ පුවත 1

රතුපස්වල වෙඩි තැබීමට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට

(උදයම්,කොළඹ) –  පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනී.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  මහතා සඳහන් කළේය.

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

Related posts

හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

Mohamed Dilsad

FCID සහ CID ඒකාබද්ධව පරීක්ෂණ මෙහෙයවයි…

Mohamed Dilsad

නාඳුනන පිරිසක් විසින් යාපනයේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment