Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂ වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි පක්ෂ නායකයන්ගෙන් කථානායකට ඉල්ලීමක්

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව මතුව ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ පක්ෂ නායකයන් කථානායකවරයා දැනුවත් කර තිබේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රිවරුන් අතර විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන මන්ත්‍රිවරුන් එක්ව ඇත.

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම රටේ ජන ජීවිතයට බලපෑමක් වී ඇති බවත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවත්, පක්ෂ නායකයන් එහිදී පෙන්වාදී තිබේ.

ඉන් පසුව ඒ පිළිබඳව නැවත වතාවක් කථානායකවරයාගේ අවධානය යොමු කිරීමේ අරමුණින් කථානායකවරයා හමුවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටත දී නිදහසේ සහ ස්වාධීනව ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම කථානායකවරයා සතු වන බව අවධාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි මන්ත්‍රිවරුන් පෙන්වාදී තිබේ.

Related posts

වසන්ත මුදලිගේ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව මෙතැනින්

Mohamed Dilsad

Security situation in Jammu and Kashmir

Mohamed Dilsad

2019 உலகக் கிண்ண இறுதிப் போட்டி – கிரிக்கெட் வரலாற்றில் ஓர் திருப்பம்

Mohamed Dilsad

Leave a Comment