විදෙස්

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(උදයම්,බ්‍රිතාන්‍යය)   –  බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ සල්මන් අබඩිගේ වැඩිමහල් සහෝදරයායි.

මීට අමතරව ලිබියාවේ සිටින ඔහුගේ පියා සහ බාල සොහොයුරාද එරට කැරළි කණ්ඩායමක ග්‍රහණයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය 22 වනදා ඇමරිකානු ගායිකා අරියානා ග්‍රාන්ඬේ ඉදිරිපත් කළ සංගීත සංදර්ශනයට එල්ලවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 64 දෙනෙක් තුවාල ලැබුහ.

Related posts

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

Mohamed Dilsad

ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8 ක දැඩි සංචරණ සීමා

Mohamed Dilsad

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment