ප්‍රමුඛ පුවත 1

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටත් ආරාධනා

(උදයම්, කොළඹ ) – ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලැබුණු ආරාධනයට අනුව ඊට ඇමරිකාවේ මෙරට තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා සහභාගි වීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් මේ මස 20 වැනිදා එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙසයි.

ලබන 20 වැනිදා පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට රාජ්‍ය නායකයින් රැසකට ආරාධනා කර ඇති අතර හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ජිමී කාටර්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බැරක් ඔබාමා සහ ඔවුන්ගේ බිරින්දෑවරු සහභාගි වන බව දැනටමත් දැනුම් දී තිබේ.

ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට තරඟ කළ හිලරි ක්ලින්ටන්ද මෙම උත්සවයට සහභාගි වන බව වාර්තාවේ.

Related posts

ජනපති ජපානයට යාමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දෙසැම්බර් මුල් සතියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

අද සිට කන්කසන්තුරේ යන ශ්‍රී දේවි [video]

Mohamed Dilsad

Leave a Comment