ප්‍රමුඛ පුවත 1

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටත් ආරාධනා

(උදයම්, කොළඹ ) – ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලැබුණු ආරාධනයට අනුව ඊට ඇමරිකාවේ මෙරට තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා සහභාගි වීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් මේ මස 20 වැනිදා එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දෙනු ලබන්නේ ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙසයි.

ලබන 20 වැනිදා පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට රාජ්‍ය නායකයින් රැසකට ආරාධනා කර ඇති අතර හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ජිමී කාටර්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බැරක් ඔබාමා සහ ඔවුන්ගේ බිරින්දෑවරු සහභාගි වන බව දැනටමත් දැනුම් දී තිබේ.

ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට තරඟ කළ හිලරි ක්ලින්ටන්ද මෙම උත්සවයට සහභාගි වන බව වාර්තාවේ.

Related posts

“ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි” – අගමැති

Mohamed Dilsad

සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක්- අගමැති

Mohamed Dilsad

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

Leave a Comment