ප්‍රමුඛ පුවත 1

ජනපති කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක

(උදයම්,ඕස්ට්‍රේලියාව)   –  ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනය පරිදි ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) කැන්බරා නුවර පැවති වැඩසටහන් රැසකට එක්වෙමින් කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව කැන්බරා නුවර පිහිටි කම්බා බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එය වැඳ පුදාගත් අතර ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලාංකීක ප්‍රජාව සමඟ සුහද හමුවකට ද එක් විය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව හෙට පෙරවරුවේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙයි.

ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටී.

Related posts

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

Mohamed Dilsad

දුලක්ෂි ප්‍රනාන්දු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment