ප්‍රමුඛ පුවත 1

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

(උදයම්,කොළඹ)  – රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව විසින් කථානායක, කරූ ජයසූරිය මහතාට දන්වා තිබේ.

රජයේ ඇමතිවරුන් මේවන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම නතර කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්දිරන් මහතා විසින් කථානායකවරයාට දන්වා ඇත.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එය තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

2015 ජනවාරි මාසයේ සිට ඇමතිවරුන් ලබාගෙන ඇති වාහන හා ඒවායේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අයවැය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම්දී ඇති බව මෙහිදී තහවුරු වී තිබේ.

Related posts

වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක්

Mohamed Dilsad

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ධූරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි [LETTER]

Mohamed Dilsad

Leave a Comment