විදෙස්

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතී

(උදයම්,එංගලන්තය )  – මැන්චෙස්ටර් නුවර පැවතී සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි.

මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය  සිය කන්සවේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිට වූ අතර විපක්ෂ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ද මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රහාරය හෙලා දකිමින් පැවසුවේ මෙම ප්‍රහාරය බියගුළු ක්‍රියාවක් බවයි.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි 8 වන දාය.

 

Related posts

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

Mohamed Dilsad

කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි පියවර ගනී

Mohamed Dilsad

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

Mohamed Dilsad

Leave a Comment