ප්‍රමුඛ පුවත 1

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

(උදයම්,කොළඹ) –  ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවයි.

දුම්රිය රියදුරු සහ සහායකයින් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධන කිරීම, තරඟ විභාගවලින් සේවයට බදවා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම ඉල්ලීම්වලට එකඟත්වය පළ කිරීම හේතුවෙන් වර්ජනය අත්හැරීමට තීරණය කළ බව ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 22 වනදා වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට තීරුබදු සහන වසර 5කට වරක්

Mohamed Dilsad

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment