ප්‍රමුඛ පුවත 1

මැන්චෙස්ටර්හි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් නෑ

(උදයම්,කොළඹ)  – එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංගීත ප්‍රසංගය ඇමරිකානු ගායිකා ආරියානා ග්‍රාන්ඩේ වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 50කට අධික පිරිසක් තුවාල ලැබුහ.

ප්‍රහාරයෙන් හානියක් සිදුනොවූ ඇමරිකානු ගායිකා ආරියානා ග්‍රාන්ඩේ කියා සිටියේ තමා මෙම සිද්ධියෙන් දැඩි සේ කම්පනයට පත්වූ බවය.

 

Related posts

බෞද්ධ ධර්මය දියුණු කිරීමට තවදුරටත් සාකච්ඡා – අගමැති

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මීල ඉහළට

Mohamed Dilsad

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment