Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව අඛණ්ඩවල විරෝධතා පළ කිරීම හේතුවෙන් අගමැතිවරිය එම තීරණය ගෙන ඇත.

විරෝධතාකරුවන් දහස් ගණනක් අද (05) අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදීමත් සමග අගමැතිනිය ඇගේ සොහොයුරිය සමග ඩකා අගනුවරින් පළා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අගමැතිනිය රැගත් හෙළිකොප්ටර් යානයක් ඉන්දියාව බලා ගමන් කරමින් ඇති බව බංගලාදේශයේ බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය. ඊයේ මෙම විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. රටේ පාලනය ගෙන යාම සඳහා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එරට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වේකර් යුසාඩ් සේමන් ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරියගේ සමීප ප්‍රකාශකයෙකු ඒ.එෆ්.පී. පුවත් සේවයට අනාවරණය කර ඇත්තේ ඇය ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් පටිගත කිරීමට සූදානම් වුවත් විරෝධතාකරුවන් නිල නිවසට කඩාවැදීම හමුවේ එය සිදු කිරීමට නොහැකි වූ බවයි. 1996 වසරේදී මුල් වරට බලයට පත්වූ ෂෙයික් හසීනා හතරවෙනි වරටත් පසුගිය ජනවාරි මාසයේදී යළි අගමැති ධුරයට තේරී පත්විය.

ඇයගේ පාලනයට එරෙහිව මෙන්ම රාජ්‍ය රැකියා කෝටා ක්‍රමයට එරෙහිව මේ වසරේ අවස්ථා කිහිපයකදී රට පුරා විරෝධතා පැවැත්විණ. 76 හැවිරිදි ෂෙයික් හසීනාට එරෙහිව ක්‍රියාත්මක මෙම විරෝධතා හේතුවෙන් අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට මෙන්ම ඇඳිරි නීතිය පැනවීමට ද බංගලාදේශ රජය විසින් පියවර ගෙන තිබිණ.

Related posts

SLPP-TNA talks end on sour note

Mohamed Dilsad

ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

Mohamed Dilsad

Major accomplice of ‘Karandeniye Sudda’ busted with Cannabis

Mohamed Dilsad

Leave a Comment