දේශීය

සනත් නිශාන්තගේ රියදුරා කට අරියි..| ඇත්ත එළියට

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

ඒ අනුව රියරුදු ප්‍රභාත් එරංග පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ,

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.”

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවද මාධ්‍ය වාර්තා පළවෙයි.

අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුලට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අසනීපෙන්. නඩුව කල්තබයි.

Editor O

කෝවිඩ්-අසාදිත මෘතදේහ වල අවසන් කටයුතු සඳහා මිල අඩු, පරිසර හිතකාමී මිනී පෙට්ටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

රථ වාහන ලීසිං පහසුකම් පිළිබඳ මහ බැංකුව ගත් තීරණය

Editor O

Leave a Comment