දේශීය

විරෝධය මැද අද පාර්ලිමේන්තු එන ඔන්ලයින් පනත් කෙටුම්පත

(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

එලෙස එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ශව කිහිපයක් ඊට විරෝධය පළ කරන පසුබිමක් තුළය.

 

බොහෝ පාර්ශව පෙන්වා දුන්නේ ඔන්ලයින් පනත් කෙටුම්පත සම්මත වීම හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම ද ඇතුළු මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කඩවිය හැකි බවයි.

 

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ එම පනත් කෙටුම්පතේ සංශෝධන කළ යුතු කරුණු ඇත්නම් ඒවා යොමු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ඇති බවයි.

 

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනවලට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියද හිමිව තිබේ.

 

ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාරගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.

 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද සහ හෙට යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

Related posts

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

මෙරට භාවිත වන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

විදුලි සේවකයෝ හෙට කොළඹට

Mohamed Dilsad

Leave a Comment