දේශීය

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලකවරයාගේ විෂමාචාර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් කිසිදු පියවර නොගැනීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවය .

 

අද පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ අක්ෂි රෝහල තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

 

අද දිනය තුළ මෙම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

 

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය⁣ට වසර දෙකක සිරදඬුවම්

Editor O

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment