විදෙස්

ගාසා ගැන තීරණාත්මක ඡන්දයක්

ගාසා තීරය තුළ වහාම මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතය.

 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වගන්තිය යටතේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

 

ආරක්ෂක මණ්ඩලය තුළ අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙස එක්සත් අරාබී එමිර් රාජ්‍යය සාමාජික රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

 

යෝජනාව සම්මත වීම සඳහා ඊට පක්ෂව ඡන්ද 09ක් හිමිවිය යුතු අතර අමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය නිශේධ බලය භාවිත කිරිමෙන් වැළකි සිටිය යුතුය.

Related posts

නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිනි තියයි.

Editor O

කොවිඩ් නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

මිළඟ ණය වාරිකය දෙන්න, ඉටු කළ යුතු කොන්දේසි ගැන ”අයිඑම්එෆ්” කියයි

Editor O

Leave a Comment