දේශීය

අවශ්‍ය කර සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් සතු ව තිබී කඩුවක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30, 37, 43 සහ 53 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

 

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඇමෙරිකානු තීරු බදු, තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

Editor O

භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැති ලක් අගමැතිට ප්‍රසාදය පළකරයි

Mohamed Dilsad

Leave a Comment