දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ.

 

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

 

ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව එහිදී එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත.

 

පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව විසින් එක් නිර්නායකයක් හැර සෙසු සියලු ඉලක්ක සපුරා ඇති අතර ඔක්තෝම්බර් මාසය අවසානය වන විට එම ඉක්කයන් ද සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බව මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

 

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිසි මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක වන ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව එම අරමුදල පවසයි.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම, ආදායම ඉහළ නැංවීම, විදෙස් සංචිත ප්‍රතිස්ථාපනය කිරීම, උද්ධමනය අඩු කිරීම යන කාර්යයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රසංසනීය දායකත්වයක් ලබා දී ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තවදුරටත් පෙන්වා දෙයි.

 

ඩොලර් බිලියන 03ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු ණය වාරිකය වන ඩොලර් මිලියන 333 අරමුදල පසුගිය මාර්තු මාසයේදී නිකුත් කෙරුණි.

Related posts

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

වකුගඩු සහ අවයව බද්ධ කිරීම් නවතී ද?

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment