දේශීය

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.

 

එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.

 

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර ලබාදෙනු ලැබීය.

Related posts

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

අදානිගේ සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි.

Editor O

2023 අයවැය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment