දේශීය

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙනඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, සහල් සංචිතයක් පැවතියේනම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බවය.

 

එළවළු මිල සීඝ්‍රයෙන් වැඩීවීම හමුවේ එය පාලනය කිරීම සඳහා ඵලදායී යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව ද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

“ගිය කන්නයේ අපිට සාර්ථක අස්වැන්නක් ලැබුණත් අපිට සහල් සංචිතයක් නෑ. මම දිගින් දිගටම ඉල්ලුවා භාණ්ඩාගාරයෙනුත් ඒ වගේම බැංකුවලිනුත් වී සංචිතයක් තියාගත්තා නම් මෝල්හිමියන්ට අපිට යටත්වෙන්න ඕන නෑ. අනවශ්‍ය විදියට ඒ අය මිල වැඩිකරද්දි අපිට හාල් එළියට දාන්න තිබුණා. නමුත් අපිට මුදල් ලබාගන්න විදියක් තිබුණේ නෑ. කුඩා ප්‍රමාණයක් අපි මිලදී ගත්තේ ගොවිජන භාරකාර අරමුදලේ සල්ලිවලින්. මම කිව්වා කඩිනමින් වී විදියට හෝ සහල් විදියට වෙළෙඳපොළට එවන්න කියලා. මම හිතන්නේ නෑ ඒ ටික මේ හිඟය පියවන්න ප්‍රමාණවත් කියලා.”

Related posts

අදත් පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?

Editor O

Leave a Comment