ප්‍රමුඛ පුවත 1

කටුනායක ඉහළ අහසේදී ගුවන්යානයක් ගිනි ගැනීම පිලිබඳ පරීක්ෂණ

(උදයම්,කොළඹ) – තායිලන්තයේ සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඇතිවූ මෙම හදිසි තත්වයක් හේතුවෙන් එම ගුවන් යානය ඊයේ රාත්‍රි 8.27 ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්සවා ඇත.

යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන යානයක් නොවන බවත් එය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී ඇතිවූ මෙම තත්වය හේතුවනේ එහි ගුවන් නියමුවා වහාම යානය කටුනායක ගුවන් තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩබැස්සීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළ තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ගිනි නිවන රථ ,රෝගීන් ප්‍රවාහනයට අවශ්‍ය ගිලන් රථ ආදිය සූදානම් කර මෙම යානය ගොඩබැස්සීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම යානයේ සිටි මගීන් ගුවන් යානයෙන් ඉවත්කර ඇති බවටයි වාර්තා වේ.

Related posts

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක විදුලිය බැඳ වැටීම්

Mohamed Dilsad

Leave a Comment