දේශීය

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරිවලින් ඉවත්වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්වී තිබේ.

 

වර්ජනයේ නිරත විකිරණ තාක්ෂණවේදීන් පවසන්නේ සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු අමතර සේවාවලින් ඉවත්වී සිටින බවය.

 

ඒ අනුව ඔවුන් පෙරේදා සිට සවස 4න් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටී.

 

මේ හේතුවෙන් රෝගීන් පත්වී ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

 

දුර බැහැර සිට දින වෙන්කරවාගෙන විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ටද ආපහු හැරීයාමට සිදුවී තිබේ.

Related posts

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

මාලේ සිට පිරිසක් කටුනායකට

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය තීන්දු කරන දිනය මෙන්න

Editor O

Leave a Comment