දේශීය

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ.

 

ඔහුට වහලෙන් බහින ලෙස මරදාන පොලීසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ම පැවසුවද එය අසාර්ථක විය.

 

ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටුණි.

 

ඔහුගේ හිසට තුවාල වී ඇති අතර පසුව ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කිරීමට කටයුතු කොට ඇත.

Related posts

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

චීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment