Trending News

ක්‍රීඩා ඇමතිගෙන් තවත් හෙළිදරව්වක්

දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

 

අද (25) මල්වතු මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණි.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

 

“මේ කණ්ඩායම එක තැනක එකතුවෙලා කතා කරලා තියෙනවා…’අපිට මේකෙන් එළියට යන්න වුණොත් අවුරුදු 15ක් හිරේ ඉන්න වෙන්නේ’ කියලා. එකනේ ක්‍රිකට් එකේ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ. මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදලා කතා කරලා මට කිව්වා. ‘මම බැලුවා මේක හරිමඟට ගන්න නිසි ක්‍රමවේදයක් නෑ. හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකාලා. මේ තත්ත්වයන් නිසා මම ඉල්ලා අස් වුණා.’ කියලා තමයි ඔහු කිව්වේ.”

 

“මොනවා කරත් අන්තිමේට මුන් ටිකම බලයට එනවා. ඒ එන්නේ කොහොමද දිස්ත්‍රික් සංගම්. මහනුවර සංගමයේ පැටිකිරිය මම කියන්න අවශ්‍ය නෑනේ. මම අභියෝගය කරනවා මහනුවර සංගමය විගණනය කරන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල තත්ත්වයත්. ඒ නිසා මේ ටික විසුරුවා හරින්න ඕනේ.”

 

“ක්‍රිකට්වලට ආදරය කරන පිරිසිදු මිනිස්සු ඉන්නවා. අන්න ඒ අයගෙන් මේ කමිටු ටික පත් කරලා තමයි මේ නිලවරණයට යන්න ඕනේ. එහෙම නැතිනම් ආයෙත් මේ හොරු තමයි බලයටඑන්නේ.”

 

Related posts

Colder nights and mornings expected to continue – Met. Department

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

Pakistan, India square off over botched cricket agreement

Mohamed Dilsad

Leave a Comment