දේශීය

ක්‍රිකට් ගැන ජනාධිපති වික්‍රමසිංහ ඉන්දීය නාලිකාවකට කළ හෙළිදරව්ව

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පවසා තිබේ.

 

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බවයි.

 

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝදෙනෙක් විමතියට පත්වූහ.

 

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව පවසන ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට එම ගැටලුව ගැන කතා කළ බවයි.

 

“ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන…”

 

“මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්….”

 

අයි සී සී තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ඉඩ ඇති බවට තමාට තේරුම් ගිය බවයි.

Related posts

මැතිවරණය හේතුවෙන් මැයි 05-06 සහ 07 දින තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරන බව දැනුම්දීමක්.

Editor O

එජාප තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

දේශබන්දු නිවසේ නැතිලු

Editor O

Leave a Comment