දේශීය

හෙද සේවයේ ශ්‍රේණි 4ක විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

 

මේ යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය දුන් නියෝගයේ සඳහන් වුණි.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නහ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

Mohamed Dilsad

මොංගෝලියා ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

තවත් රෝගීන් 13 දෙනෙක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment