දේශීය

හමාස් – ඊශ්‍රායල් ගැටුම් කැනඩාවටත් පැතිරෙයි

ගාසා තීරයේ දරුණුවට සිදුවන හමාස් – ඊශ්‍රායල් ගැටුම් මේ වනවිට ලොව විවිධ රටවලට පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

එහි ආසන්නතම සිදුවීම අද (10) කැනඩාවේ මොන්ට්‍රියල් නගරයෙන් වාර්තා විය.

 

එම ප්‍රදේශයේ පිහිටි යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කිසිවෙක් හෝ තුවාල ලබා නොතිබුණු බව සඳහන් ය.

 

සතිය ආරම්භයේ මොන්ට්‍රියල් නගරයේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් විසිකර තිබුණි.

 

එසේම නගරයේ පිහිටි කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේදී පලස්තීනයට ළැඳි කණ්ඩායම් සහ ඊශ්‍රායලයට ළැඳි කණ්ඩායම් අතර ගැටුම් ඇතිවිය.

Related posts

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

Mohamed Dilsad

පාසල් වාර විභාග ගැන දැනුම්දීමක්

Editor O

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment