දේශීය

හමාස් – ඊශ්‍රායල් ගැටුම් කැනඩාවටත් පැතිරෙයි

ගාසා තීරයේ දරුණුවට සිදුවන හමාස් – ඊශ්‍රායල් ගැටුම් මේ වනවිට ලොව විවිධ රටවලට පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

එහි ආසන්නතම සිදුවීම අද (10) කැනඩාවේ මොන්ට්‍රියල් නගරයෙන් වාර්තා විය.

 

එම ප්‍රදේශයේ පිහිටි යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් කිසිවෙක් හෝ තුවාල ලබා නොතිබුණු බව සඳහන් ය.

 

සතිය ආරම්භයේ මොන්ට්‍රියල් නගරයේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පෙට්‍රල් බෝම්බයක් විසිකර තිබුණි.

 

එසේම නගරයේ පිහිටි කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේදී පලස්තීනයට ළැඳි කණ්ඩායම් සහ ඊශ්‍රායලයට ළැඳි කණ්ඩායම් අතර ගැටුම් ඇතිවිය.

Related posts

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ගැමුණු විජේසූරිය

Editor O

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment