දේශීය

තවත් මනුෂ්‍ය ඝාතනයක්

බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

ඊයේ (09) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

 

මියගොස් ඇත්තේ, කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

 

මරණකරු සැකකරු සමග ආරවුලක් ඇති කරගෙන තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සැකකරුගේ නැන්දනිය සමග ඇයගේ දියණිය පදිංචිව සිටි බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයට යමින් සිට ඇත.

 

එහිදී මාර්ගයේ මාර්යේ වෙළෙඳසැලක් අසලදී සැකකරු හමුවී ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියදුර විසින් ඒ පිළිබඳ සැකකරුගෙන් විමසීමේදී ඔහු විසින් එක්වරම ත්‍රීරෝද රථ රියදුරට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

 

තුවාලකරු බඩල්කුඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට විමර්ශනවේදී අනාවරණය වී ඇත.

 

21 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බඩල්කුඹුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා යම් තරමකට පාලනය කිරීමට හැකිවුණා

Mohamed Dilsad

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

Mohamed Dilsad

Leave a Comment