දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?

ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

“අපි දන්නවා ගිය අවුරුද්දේ තිබුණ තත්ත්වයට වඩා දැන් වෙනස්. අද විදුලිය කැපිල්ලක් නෑ. අද ගෑස් තියෙනවා. අද තෙල් තියෙනවා. රු 600ට තිබුණ පරිප්පු අද අඩුවෙලා තියෙනවා. රු 250ට තිබුණ හාල් අද අඩුවෙලා තියෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනවිට මීටත් වඩා බඩු මිල අඩුවෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා කියන එක අපි ඔබට මුලින්ම මතක් කරන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක, ඇවිල්ලා තියෙන එකඟතාවයන් තුළ මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අනිකුත් රටවල් එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉදිරි මාසය තුළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් අපට තියෙනවා. නැවතත් සංවර්ධන වැඩපිළිවෙලවල් ආරම්භ කරලා, අපිට මේ ගමන යන්න පුළුවන්…”

Related posts

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්

Editor O

රත්නපුරයේ ඖෂධහල් සහ අතවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment