දේශීය

තවත් කොමසාරිස්වරයෙක් පත් කෙරෙයි

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබේ.

 

විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්තවයෙන් යුතු අදාළ කොමිෂන් සභාව පසුගිය ඔක්තොම්බර් 16 වනදා පත් කර තිබුණි.

 

එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයාබැලීම සඳහා එම කොමිසමට පැවරී තිබු අතර ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර තිබේ.

 

ඒ අනුව කාර්ය කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීම සඳහා කාමයිල් වියර් ඩේවිඩ් මහතා කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

 

ඒ අනුව බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම, දේශපාලන පක්ෂ සාමාජිකයන් වෙත නායකත්වයේ වගවීම, මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දරණු ලබන වියදම් අඩුකිරීම ද කොමිසම මගින් සොයාබැලීමට නියමිතය.

 

දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේදී පදනම් කරගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කොමිසම වෙත පැවරෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Related posts

පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිල් සඳහා සහනයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

බලපත්‍ර රහිත තුවක්කු බාරදීමට සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment