දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබේ.

 

ශ්‍රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයක කඩාවැටී ඇති බවය.

 

වැඩිදුරටත් වාර්තා වුණේ අද (28) පස්වරු 2.35ට පමණ අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම ගස කඩාවැටී ඇති අතර ඉන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරවී ඇති බවය.

 

ඒ අනුව කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයෙන් සහ නුවර, බදුල්ල, අනුරාධපුර වැනි ප්‍රදේශවල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී ප්‍රමාද වන බව සඳහන් ය.

Related posts

යූරියා පොහොර මිල පහතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

Mohamed Dilsad

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment