දේශීය

සුරාබදු කොමසාරිස්ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

සංචාරක කලාපවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ අන්තර්ගත නිර්නායකයන්ට අනුකූලව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට වග බලා ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අද (24) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

 

සංචාරක කලාප සඳහා නිකුත් කළ යුතු මෘදු මත්පැන් බලපත්‍ර ඊට පරිබාහිර ප්‍රදේශයවලට නිකුත් කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා සිල්වා මහත්මිය මෙම ප්‍රතිඥාව ලබා දුන්නේය.

 

අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා රටබීම හාල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව දෙකක් ගොනුකළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය.

Related posts

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සිව් ගුණයකින් ඉහළට

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රට හැර යන වෛද්‍ය, ඉංජිනේරු සහ IT වෘත්තිකයින්ට සහන දෙන්න ආණ්ඩුවේ අවධානය

Mohamed Dilsad

Leave a Comment