දේශීය

විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් පාර හිරවෙයි

විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහියක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගය පන්නිපිටිය ප්‍රදේශයේදී අද පස්වරුවේ විරෝධතාවයක නිරතවිය.

 

එහිදී මාර්ගය අවහිර කරමින් විරෝධතා පා ගමන් පැවැත්වීම වළක්වාලමින් පොලිසිය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිතරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

 

කෙසේවෙතත් විරෝධතාකරුවන් පන්නිපිටිය සිට මහරගම දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදි පොලීසිය ඊට බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් හටගත්තේය.

 

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.

 

අනතුරුව පිරිස එම ස්ථානයේදීම විරෝධතාවයේ නිරත වුණි.

 

Update : Monday, October 23, 2023 22.36

 

මහරගම සහ පන්නිපිටිය අතර 138 හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී ඇති බවය.

 

Related posts

බිත්තර මිල 40ත්- 45ත් දක්වා යළි ඉහළට. දැන් තේරෙනවද බිත්තරේකින් රු. 8.50ක් යන්නේ කාටද…?

Editor O

මැතිවරණ පැමිණි 2500 ඉක්මවයි

Mohamed Dilsad

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

Leave a Comment