දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද (21) සිට සංශෝධනය කර තිබේ.

 

ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බවයි.

 

මේ අතර, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20 ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර තිබේ.

 

එමෙන්ම දෛනික ව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා පෙරවරු 05.30ට ධාවන වූ දුම්රියේ වේලාව පෙරවරු 05.25 ලෙස සංශෝධනය කර ඇති බව සඳහන්ය.

 

මීට අමතර ව දෛනික ව කුරුණෑගල සිට මහව හංදිය දක්වා පෙරවරු 08.55ට ධාවන වූ දුම්රියේ වෙලාව පෙරවරු 09.15 ලෙස සංශෝධනය කර තිබේ.

Related posts

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

Mohamed Dilsad

මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් ට නිවාස

Editor O

චීන තානාපති හිටපු ජනපති හමුවෙන්න පොළොන්නරුවට යයි

Mohamed Dilsad

Leave a Comment